ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩි දියුණු කරලීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ෂේන් පිලිප් කර්ටෝස් එකඟ වී තිබේ.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මයික්‍රෝසොෆ්ට් සභාපතිවරයා අතර ස්විට්සර්ලන්තයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ. අනාගතයේ කඩදාසි ලිපිගොනු වලින් තොර කාර්යාල පරිසරයක් නිර්මාණය වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරලීමේ අවශ්‍යතාව හා වැදගත්කමද සභාපතිවරයා පෙන්වා දී ඇත.