ශ්‍රී ලංකා ජාතිකයින් යොදාගෙන පාකිස්තානයට අවශ්‍ය තොරුතුරු රැස්කිරීමට පාකිස්තානය කටයුතු කරන්නේදැයි යන්න පිළිබඳව ඉන්දීය ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ.
පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ජාතිකයා නිසා ඉන්දීය ආරක්ෂක අංශයන්හි මෙම සැකය මතුවී තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. පාකිස්තානයට අවශ්‍ය ඔත්තු බැලීම සඳහා නැගෙනහිර පළාතේ දෙමළ කතා කරන මුස්ලිම් ජාතිකයින් යොදාගන්නා බවටත් ඉන්දියාවේ සැකයක් පහළ වී තිබේ
එසේම පකිස්ථානය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා ලබමින් ඉන්දීය ආරක්ෂක අංශ විසින් මේ දක්වා ශ්‍රී ලංකා ජාතියකන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි