ඉන්දියාව සෑම විටම සිය අසල්වැසියන් හා මිත්‍ර සබඳතා පවත්වාගන්නා බව ඉන්දීය මධ්‍යම නාගරික සංවර්ධන අමාත්‍ය එම්. වෙන්කයියා නායිදු සඳහන් කරයි.
ඉන්දියාවේ මාධ්‍යවෙත අද (27) අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකාව හා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර තත්ත්වයන් වලදී ඉන්දියාව පාලනය කරන පක්ෂය වශයෙන් භාරතිය ජනතා පක්ෂය ඒ පිළිබඳව අවධානය යොමුකරන බවත් ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් වගකීමෙන් යුතු පරීක්ෂණයක් කළ යුතු බවට සඳහන් වුවත් වගකීම යනු කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කර තීරණය කළ යුතු බවත් ඔහු පවසයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කොමිසමේදී සුදුසු වේලාවේදී සුදුසු තීරණය ඉන්දියාව විසින් ගනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
පළාත් සඳහා බලය බෙදිය යුතු බවට වන ඉන්දියාවේ ස්ථාවරත්වය වෙනසක් වී නැතැයිද ඔහු කීවේය.