ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීකරුවන්ට හා එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමිසමට සම්පූර්ණ සහාය ලබාදෙන බව එංගලන්ත විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල අමාත්‍ය හියුගේ ස්වෙරේ සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමිසමේදී ගෙන ආ යෝජනාවලිය පිළිබඳව එරට කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන විරේන්ද්‍ර ශර්මා මතුකළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් විදේශ අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශකර තිබේ.
එ් සඳහා තවදුරටත් පිළිතුරු දෙමින් හියුගෝ අමාත්‍යවරයා පවසන්නේ අදාළ යෝජනාවලියත් සමග සහයෝගීව කටයුතු කිරිම සඳහා ශ්‍රී ලංකාව උනන්දු කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි.