මීට වසර පහකට පෙර ශ්‍රී ලංකාවේ පැවති මානුෂීය මෙහෙයුමේදී සිදූ වූ දාමරිකකම් (මානව හිමිකම් කඩවීම්) පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාව කරනු ලබන පරීක්ෂණයන්හි ඉතාමත් අල්ප දියුණුවක් පෙන්වා ඇති බව එංගලන්තය සඳහන් කරයි.
ග්ලාස්ගොව්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් දින 100ක් පමණක් ඉතිරිව පවතින අතර ඒ පිළිබදව ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍ය රාජ්‍ය, විදේශීය හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ අමාත්‍ය හියුගෝ ස්විරේ ඉහත අදහස් ප්‍රකාශ කළේය.
එසේම මානව හිමිකම් කවුන්සිලය තුළදී ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සුවිශේෂී නායකත්වයක් පෙන්වූ බවත් ඇමතිවරයා සඳහන් කළේය.
කෙසේ නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්හි සභාපතිත්වය හිමි රට වශයෙන් ශ්‍රී ලංකාව පිළිිබඳව පැහැදිලි සැලකිල්ලක් දක්වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.