අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ජිත්මින අමල්ජිත් ශිෂ්‍යයා ඇදී සිතුවමක් මේ වසරේ ජපානයේ දින දර්ශන සඳහා තෝරාගෙන ඇත.
එමෙන්ම එම සිතුවම සඳහා ජපන් රට විසින් රිදී පදක්කමක්ද පිරිනමා තිබේ.
ජපානයේ කුමමොතෝ යුනෙස්කෝ ආයතනය හා ශ්‍රී ලංකාවේ ළමා කළා ශාලිකාව මගින් මෙහෙයවූ අයි ලව් ශ්‍රී ලංකා ජාත්‍යන්තර චිත්‍ර තරගයට ජිත්මින විසින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විදහා දැක්වෙනඅවස්ථාවක් ලෙස වෙස් මුහුණක් නිර්මාණය කරන අයුරු නගන ලද සිතුවමට මේ ජයග්‍රහණ හිමිවී ඇත.
මේ සිතුවම් තරගාවලියට ලංකාවෙන් සිතුවම් 4723ක් ඉදිරිපත්කර තිබු අතර ඒ අතරින් ජිත්මිනට මේ සුවිශේසිවූ සිතුවම් ජයග්‍රණය හිමිව තිබේ.