ශ්‍රී ලංකාවේ සරණාගතයින් පිළිබඳව කියැවෙන ස්වතන්ත්‍ර චිතුපටයක් කෑන්ස් සිනමා සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වී තිබේ.
දීපන් නැමැති මෙම චිත්‍රපටයෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට ගිය හිටපු කොටි සාමාජිකයෙක්, දෙමළ කාන්තාවක් හා 9 හැවැරිදි දියණියක් පිළිබඳව කතාවක් කියැවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශයේ සිටින දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන ජැක්ස් අවුඩියාඩ් නම් අධ්‍යක්ෂකවරයා මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙහි ප්‍රධාන චරිතය රඟපාන නවකතා කරුවෙක් වෙන ඒ. ජේසුතාන් නැමැති පුද්ගලයා 16 හැවැරිදි වියේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබේ. පසුව ඔහු 1993 වසරේදී ප්‍රංශයට ගොස් තිබේ.