ශ්‍රී ලංකා සරණාගතයින් 25 දෙනෙකු ඇතුළුව 26 දෙනෙකු තමිල්නාඩුවේ උපවාසයක් ආරම්භ කර තිබේ.
ඉන්දියාවට අවසර නැතිව ඇතුළුවීම, එල්.ටි.ටී.ඊ. සංවිධානයට සම්බන්ධවීම යන චෝදනා යටතේ මොවුන් තමිල්නාඩුවේ මධ්‍යම සිරකඳවුරේ විශේෂ කඳවුරක රදවා සිටී.
තමන්ට එරෙහිව පවතින චෝදනා ඉක්මනින් විභාගයට ගෙන එය අවසන් කරන ලෙස උපවාසකරුවන්ගේ ඉල්ලීම වී තිබේ.
ඊයේ (15දා) මෙම උපවාසය ආරම්භකර තිබේ.