ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය 10 වැනි වරටත් සංවිධානය කරන 'පිරිහිඹිනි දියවර' කලා උලෙළ මේ මස 05 වැනිදා සිට පෙබරවාරි මස 05 වැනිදා දක්වා එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ. අධ්‍යාපනයෙන්, ක්‍රීඩාවෙන් හා දේශපාලනයෙන් පමණක් නොව කලාවෙන්ද පරිපූර්ණ විද්‍යාර්ථීන් බිහිකිරීමේ අරමුණින් මෙය සංවිධානය කරන බව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසයි.
තවද කලා උලෙළට සමගාමීව පවත්වන අධ්‍යාපනික ප්‍රදර්ශනය පෙබරවාරි 1,2 සහ 3 යන දිනයන්හි පැවැත්වෙන බවත්, පෙබරවාරි මස 05 වැනිදා එහි සමාප්ති උලෙළ පැවැත්වෙන බවත් ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
ජේ.සීඑම්.මද්දුමගේ