දින තුනක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නැව් දෙකක් ඉන්දියාවේ කෝචි වරායට ගොස් තිබේ. සමුද්‍රා හා නන්දිමිත්ර යන නැව් දෙක මෙසේ ඉන්දියාවට ගොස් තිබෙන අතර මෙම නැව් දකුණු ඉන්දියාවට ළගාවීමෙන් අතර එහි නාවික වැඩසටහන් කිහිපයකට එක්ව තිබේ. තෙදින සංදාරයක් සඳහා නැව් ඉන්දියාවට ගමන්කර තිබෙන අතර නැවතත් අද දිනයේදී කෝචි වරායෙන් පිටත් වීමට නියමිතය.