ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් තිදෙනෙකු අද (16දා) පත්කර තිබේ.
ඒ අනුව නැගෙනහිර කොළඹ ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස එම්.එච්. මන්සිල් මහතාවද, කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කොලොන්නාව නගර සභාවේ හිටපු සභාපති රවින්ද්‍ර උදයශාන්ත මහතාවද පත්කර ඇත.
මීට අමතරව මොරටුව හිටපු නියෝජ්‍ය නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතාවද කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කර තිබේ.
පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ පත්වීම් ලිපි ප්රදානය සිදුකරන ලදී.