ඉන්දු - ශ්රී ලංකා ධීවර සාකච්ඡා කඩාකප්පල් කිරීමට ශ්රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් පවසයි.
ඉන්දියානු ධීවරයන් 38 දෙනෙකු ඊයේ (30) ඩෙල්ෆ්ට් දූපත ප්රදේශයේදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් අතර, මේ පිළිබඳව ඉන්දීය අග්රාමාත්යවරයාට ලිපියක් යොමුකරමින් ජයලලිතා ඉහත අදහස් ප්රකාශ කළ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (31දා) වර්තා කළේය.
එසේම ඉන්දීය ධීවරයන් මුදාහැරීමට කටයුතු කරන ලෙසද ජයලලිතා ජයරාම් සිය ලිපියෙන් ඉන්දීය අග්රාමාත්යවරයාගෙන් ඉල්ලා ඇත.