ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදිත නෞකාව අද කොළඹට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (28දා) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කර සිටියේය.
එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නවීන යුද නෞකාවක් වන මෙය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට අලුතින්ම මිලදී ගත් ප්රථමඅධි තාක්ෂණික නෞකාව ලෙස සනිටුහන් වනු ඇත.
නෞකාවේ මෙහෙයුම් සහ යාත්‍රා හැකියාව පරීක්ෂා කරනු වස් එය මෙරට බලා යාත්‍රා කිරීමට ප්‍රථමයෙන් පරීක්ෂක ගමන්වාර සහ අත්හදාබැලීම් කිහිපයක් සිදු කර ඇත. නෞකාවේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් අවසන් වන විට එහි පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 66.55ක් වන බව නාවික හමුදාව පැවසීය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් කටයුතු කරනු ලබන, රියර් අද්මිරාල් කපිල සමරවීර සහ අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් උපුල් ඒකනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

