ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව “දෙරටේ සෞභාග්‍යය උදෙසා අන්තර් සබඳතා ඇති කරගැනීම” යන තේමාව යටතේ ලාංඡන නිර්මාණ තරඟාවලියක් පවත්වනු ලබන බව පවසයි.
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ 60 වැනි සංවත්සරය 2015 වර්ෂය පුරාම සැමරීම සඳහා සංවිධානය වන ක්‍රියාකාරකම් අතර මෙම තරගයද සංවිධානය වෙයි.
ශ්‍රී ලාංකික හා තායිලන්ත තරඟකරුවන්ට/තරඟකාරියන්ට සිය ලාංඡන නිර්මාණ තම රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ හැකිය.
මීට සහභාගිවන ශ්‍රී ලාංකිකයන් අවු.18-35 වයස් කාණ්ඩයට අයත් විය යුතුය. අයදුම් පත සමග ලාංඡන නිර්මාණ කොළඹ 01, ජනරජ ගොඩනැගිල්ලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා හා පැසිෆික් අංශය වෙත ඉදිරිපත් කළ යුතුය. “ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන ලාංඡන නිර්මාණ තරඟාවලිය” යන පාඨය කවරයේ සඳහන් කළ යුතුය.
තරඟකරුවන්ට/තරඟකාරියන්ට, 2014 ඔක්තෝබර් 24 වන දින හෝ ඊට පෙර නිර්මාණ එකක්(1) හෝ ඊට වැඩි ගණනක් ඉදිරිපත් කළ හැකිය. තෝරා ගනු ලබන ජයග්රාහකයාට/ජයග්‍රාහිකාවට ශ්‍රී ලංකා රුපියල් 100,000/- ක හෝ ආසන්න වශයෙන් තායි බාට් 25,000 ක ත්‍යාගයක් පිරිනමනු ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳව වැඩි විස්තර සඳහා සහ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා කරුණාකර විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට (www.mea.gov.lk) පිවිසිය හැකිය.