ශ්රී ලංකා රජය හා චීන රජය එක්ව හම්බන්තොට ඉදිකිරීමට යෝජිත ශ්රී ලංකා - චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම එළැඹෙන 07දා සිදුකිරිමට නියමිතය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා ශ්රි ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියන් මහතාගේ ප්රධානත්වයෙන් මෙම කලාපය විවෘත කිරිමට නියමිතය. හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන ප්රවර්ධන කලාපයේදී මෙම විවෘත කිරීම සිදුකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.