ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය දැන් ඉරිදාත් විවෘතයි
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මේ වන තෙක් ඉරිදා දිනවල වසා තැබුනද මින් ඉදිරියට එය ඉරිදා දිනවල ද විවෘතව තැබේ. පාසල් සිසුන් තුළ මෙන්ම සමාජය තුළ තාරකා විද්‍යා විෂය ප්‍රචලිත කිරීමත්, එහි නව මානයන් සහ නව දැනුම ගවේශනය සඳහා උනන්දුවක් ඇති කිරීමත් අමාත්‍යාංශයේ අරමුණයි. එහි එක් පියවරක් ලෙස ඉරිදා දිනවල දී ග්‍රහලෝකාගාරය මහ ජනතාව වෙත නොමිලේ විවෘතව තැබේ.
ඒ අනුව එළඹෙන 4 වන ඉරිදා දින පෙ.ව. 10.00 ට විශේෂ විවෘත තාරකා විද්‍යා දේශනයක් සහ ග්‍රහලෝකාගාර දර්ශනයක් පැවැත්වීමට නියමිතය. තාරකා විද්‍යාව පිළබඳව මෙරට සිටින ප්‍රවීණ විද්වතෙක් වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් විශ්වය සහ එහි සම්භවය යන තේමාව යටතේ දේශනය මෙහෙයවනු ලබයි. ඉන් අනතුරුව ග්‍රහලෝකාගාර දර්ශනය ආරම්භ වේ.
තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබටත් ඒ සඳහා සහභාගී විය හැකි අතර, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ආසන පන්සියක් සඳහා සීමා වන බැවින් පෙ.ව 9.30 වන විට ග්‍රහලෝකාගාර පරිශ්‍රය තුළ අසුන් ගන්නා මෙන් සංවිධායකයන් විසින් දන්වා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


