කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයෙදී නිමාවට පත්වූ ශ්‍රී ලංකා හා පකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයෙන් පකිස්තානය කඬුලු 7 කින් පරාජයට පත්කර ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු අනෙකුත් සාමාජිකයන්ට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා සුබ පැතුම් එක්කර බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
2009 වසරෙන් පසුව පී. සරා ක්‍රීඩාංගණයේදි ශ්‍රී ලංකාව ලැබූ පළමු ජයග්රහණයද මෙම ජයග්‍රහණය වෙයි. ඒ හේතුවෙන් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.