2009 වසරේදී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායමට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ එක් සැකකරුවෙක් ඇතුළු තලේබාන් සාමාජිකයින් තිදෙනෙක් පාකිස්තානයේ ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (27දා) අලුයමදී මෙම මෙහෙයුම සිදුකර තිබේ. පාකිස්තාන පොලීසිය හා කමාන්ඩෝ සෙබලුන් එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබෙන බව ඉන්දියාවේ පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කළේය.
ශ්රී ලංකා කණ්ඩායමට වෙඩි තැබීමේ සිදුවීමට සබ්න්ධ හෆීස් අලියාස් මෙහෙමූඩ් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.