ලන්ඩන් නුවර සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 ගුවන් යානය ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්සවා ඇත.
ඊයේ රාත්රියේදී මෙම හදිසි ගොඩ බෑම සිදුකර ඇත්තේ ගුවන් සෞඛ්‍යමය කරුණක් හේතුවෙන් බව ගුවන් සේවය නිවේදනය කරයි.
මේ හේතුවෙන් ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද වී ඇති අතර ගුවන් සේවය තම මගීන්ගේ සෞඛ්‍ය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමුකරන බවද එම සේවය නිවේදනය කරයි.