2015 ඔක්තෝබර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ශ්රී ලංකන් ගුවන් සමාගමේ නව ප්රධාන විධායක නිලධාරී ධුරයට කපිතාන් සුරේන් රත්වත්ත මහතා පත්කොට ඇති බව නිවේදනය කරයි.
වසර 30ක පමණ අත්දැකීම් ඇති ගුවන් නියමෙකු වන කපිතාන් රත්වත්ත මහතා 1984 දී මුලින්ම එයාර් ලංකා ගුවන් සේවයට එක්ව තිබේ. ඉන් අනතුරුව 1989 දී එමිරේට්ස් ගුවන් සේවය සමග එක්වූ ඒ මහතා එම සමාගමේ ධුරයන් කිහිපයක්ම හොබවා ඇත. බොයිං බී-777 සහ එයාර්බස් ඒ380 ද ඇතුළත් එකිනෙකට වෙනස් ගුවන්යානා මාදිලි කිහිපයකම පැය 18,000කට අධික පියාසර කාලයක් ඔහු වාර්තා කර ඇත.