ශ්‍රී ලංකන් ගුවන් සේවය ඩොලර් කෝටි 74ක් ණය වී ඇති බවත්, එයින් ඩොලර් කෝටි 40ක්ම ජාතික බැංකුවලට ණය වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (13දා) පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසීය.
“සමහර ව්‍යාපෘතිවලට ගෙවා තියෙන මුදල තුන්ගුණයක් විතර වටිනවා. වසර 2020 වනවිට ණය බර අඩු කරලා, ධනභාවය වැඩිකර ගන්න පුළුවන්. මේ ණය ඊළඟ පරම්පරාවට ගෙවන්න දෙන්න බැහැ. ඒ පව් අප ගෙවා දමමු. මේ ප්‍රශ්නයට යහපාලනය අත ගැසුවා. අප විසඳුමක් සොයා යනවා” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය