අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපළ බලධාරීන් විසින් තවදුරටත් ගුවන් තොටුපළ වසාදැමීමට තීරණය කිරීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ චෙන්නායි සහ කොළඹ අතර ගුවන් ගමන් 14ක් අත්හිටුවීමට ගුවන් සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව දෙසැම්බර් මස 3 වැනි දින ගුවන්ගත වීමට නියමිත වූ UL 128, UL 129, UL 123 සහ UL 124 යානාවන් හි ගුවන් ගමන් අතිහිටුවීමටත් දෙසැම්බර් මස 4 වැනිදාගුවන්ගත වීමට නියමිත වූ UL 125, UL 126, UL 121, UL 122, UL 127, UL 128, UL 123 සහ UL 124ගුවන් ගමන් අත්හිටුවීමටත් දෙසැම්බර් මස 5 වන දින ගුවන්ගත වීමට නියමිත UL 125සහ UL 126 ගුවන් ගමන් අත්හිටුවීමටත් ගුවන් සමාගම තීරණය කර ඇත.
එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සංකේත හුවමාරු පාර්ශව ගුවන් සේවය වන මිහින් ලංකා ගුවන් සමාගමේ MJ 129 සහ MJ 130 දරණ ගුවන් යානාවන් හි දෙසැම්බර් 4 වැනි දින සිදුකිරීමට නියමිත ගුවන් ගමන් අත්හිටුවිමට කටයුතු කර ඇත.
ඉන්දියානු ගුවන් තොටුපළ බලධාරීන් විසින් නිකුත් කළ නිවේදනයට අනුව චෙන්නායි ගුවන් තොටුපළ වසාදැමීම දෙසැම්බර් මස 5 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.