ශ්‍රී ලංකන් ගුවන්යානයක කාර්මික දෝශයක්
ලන්ඩන් හීතෘෘ ගුවන් තොටුපොළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 ගුවන් යානය ගුවන් ගත කිරීමට ආසන්නව තිබියදී අවස්ථා දෙකකදී මතු වූ තාක්ෂණික දෝෂයන් හේතුවෙන් ගුවන් යානයේ සිටි මගීන් බස්සවා වෙනත් ගුවන් යානාවලින් එවීමට සිදු විය.
මේ අවස්ථාව වන විට එහි ගුවන් මගීන් 295 ක් සහ කාර්ය මණ්ඩලය 12 දෙනෙකු සිටි බව වාර්තා වෙයි. පසුගිය 01 වැනිදා රාත්‍රී අටට පමණ ලංඩන් හීතෘෘ ගුවන් තොටුපොළේ සිට මෙම ගුවන් යානය පිටත් වී පසුදින දහවල් 12.50 වන විට දිවයිනට ළඟා වීමට නියමිතව තිබුණි.
මගීන් රැගත් යානය ගුවන් ගත වීමට ආසන්නව තිබියදී හදිසියේ මතු වු තාක්ෂනික දෝෂයක් මත මගීන් සියල්ල බස්සවා හීතෘ ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි හෝටල් කිහිපයක නවාතැන් පහසුකම් ලබා දීමට ගුවන් සමාගම කටයුතු කර ඇත.
අදාල ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි සියලු මගීන් අද (4) වැනි දා වන විට විකල්ප ගුවන් යානා කිහිපයක එවා අවසන් කළ බවද කීවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
