ඉන්දියාවේ කෝචි සිට කටුනායක බලා ගමන් කරමින් තිබූ ශ්රී ලංකන් ගුවන් යානයක මගියෙකුගේ බෑගයක හදිසි ගිනිගැනිමක් ඇතිව තිබේ. බෑගයක තිබූ බැටරියක් හෝ දුරකතනයක් මෙසේ ගිනිගැනීමට ලක්ව ඇති බව ශ්රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.
ගිනි ගැනීමට ලක්වූ බෑගය ඉවත්කර එය පාලනය කිරිමට ගුවන් යානා කාර්ය මණ්ඩලය සමත්ව ඇත.
සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර කාර්ය මණ්ඩලය ගුවන් මගීන් කලබල නොවන ආකාරයෙන් ගැටලුව විසඳීමට සමත්ව ඇත.
සිදුවීමෙන් පසුව ගුවන් යානා කාර්ය මණ්ඩලය කටුනායක ගුවන් ගමන් පාලක මැදිරියට කතා කොට ගුවන් යානය ගොඩ බැස්සවීමේදී එයට විශේෂිත සේවා ලබාදෙන ලෙසට දන්වා තිබේ.
සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් කරන බව ශ්රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.