ශ්‍රී ලංකන් සාමාජිකයෙකුගේ සත්පුරුෂ ක්‍රියාවක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL303 ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කොළඹ බලා පිටත් වූ ගුවන් මගියෙකුට අයත් විශාල මුදල් ප්‍රමාණයක් සහිත බෑගයක් ගුවන් යානයේ අමතක කර දමා ගොස් ඇති අවස්ථාවක, ගුවන් යානා කාර්ය මණ්ඩලයේ පරික්ෂාකාරී සාමාජිකයෙකුගේ සත්පුරුෂ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස එය සොයාගෙන අදාළ අයිතිකාර මගියා වෙත බාරදී ඇත.
මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය ජනවාරි මස 2 වැනිදා සිංගප්පූරුවේ සිට කොළඹ බලා UL303 ගුවන් යානයෙන් පැමිණි කුවේට් ජාතිකයෙකුට අයත් ඇ.ඩො11,400, බාත් 19,290, මැලේසියානු රිගිට් 210, කුවේට් ඩිනාර් 5,ක්‍රෙඩිට් කාඩ්, ATM කාඩ්, රියදුරු බලපත්‍රය සහ කුවේට් ජාතික හැඳුනුම්පත සහිත බෑගය අමතක වී ගුවන් යානයේ දමාගොස් ඇති අවස්ථාවේ දීය.
ගුවන් සමාගමේ කාර්යක්ෂම අස්ථානගතවීම් සොයාගැනීම් ප්‍රතිපත්තිය යටතේ මෙම බෑගය නැවත ගුවන් මගියා වෙත බාරදීම සිදුවී ඇති අතර, ගුවන් සමාගම විසින් අවංක සහ කැපවීමෙන් යුත් විශිෂ්ට සේවාවක් සිදුකළ මෙම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයා විශේෂ ඇගයුමට ලක්කර ඇති බවද වාර්තා වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
