ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සඳහා අධ්‍යාත්මික නායක ශ්‍රී ශ්‍රී රවි ශන්කර්තුමා ඊයේ (16) රාත්‍රී 10.20ට පමණ යූ.එල්.172 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට ලඟා විය.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මහතා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය විසින් එතුමා පිළිගනු ලැබුණි.
අතිපූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන නා හිමියෝ විශේෂ පිළිගැනීමේ ආරාධිතයන් වහන්සේ නමක ලෙස මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
දිවයිනට පැමිණි අධ්‍යාත්මික නායක රවි ශන්කර්තුමා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර, පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී විශේෂ ආගමික වතාවත් සිදු කිරීමේ අවස්ථාවකට සහභාගී වීමට නියමිතව තිබේ.
එතුමන් අද සන්ධ්‍යාවේ දී කතානායක ගරු කරු ජයසූරිය මහතා හමුවීමට දනියමිතය.
රවි ශන්කර්තුමන් හෙට පෙරවරුවේ සීතා එලිය අම්මාන් කෝවිලේ දී විශේෂ ආගමික වැඩසටහනකට ද සහභාගී වීමට සැලසුම් කර තිබේ.
මෙම සංචාරය සඳහා ශ්‍රී ශ්‍රී රවි ශන්කර්තුමන් සමඟ විශේෂ ආගමික ධූත පිරිසක් ද සහභාගී වී සිටියි.
ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේ දී ශ්‍රී ශ්‍රී රවි ශන්කර් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඉන්දියාව හා ලංකාව අතර අධ්‍යාත්මික සබඳතා ගොඩනැගීම පිළිබඳ ඉතිහාසය වසර සිය දහස් ගණනක් නොව- වසර මිලියන ගණනක් දක්වා අතීතයට දිවෙන බවයි.