අනුරාධපුර පුදබිමේ පිහිටි ශ්‍රී මහා බෝ සමිඳුන් ආසන්නයෙන් වාහන ධාවනය කිරීම හේතුවෙන් ඒ අවට පරිසර පද්ධතියෙහි වායුගෝලය තරමක් දූෂණය වන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.
මධ්‍යම පරිසර අධිකාරිය සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මේ පවසන එම අධිකාරිය ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට අනාගතයේදී අන්තරායකාරී හා අනාරක්ෂිත බවකට මුහුණබෑමට සිදුවිය හැකි බවද පෙන්වා දෙයි.
බෝ සමිඳුන් අබියස ධාවනය වන වාහන සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බවත්, ඒ හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට නිශ්චිත දුර ප්‍රමාණයක් වාහන මුක්ත කලාපයක් බවට පත්කරන්නේ නම්, එමගින් ශ්‍රී මහා බෝ සමිඳුන්ට වායූ දූෂණයෙන් වන හානිය අවම කරගත හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කළ වාර්තාවෙහි යෝජනා ලෙස සඳහන් කර ඇත.