නල්ලතන්නිය- ශ්‍රී පාද මාර්ගයෙන් නවම් පෝයදා (10දා) රාත්‍රී ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි තිදෙනෙක් හදිසියේ රෝගාතුරවී මියගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
දෙවිනුවර, මැදකොරටුව පදිංචි එස්.වී.ඊ.සිරියාවතී (65), කඹුරුපිටිය, තිත්තකටුපාන එච්.චන්ද්‍රසේන (63) හා මොරටුව වෙල්ලෝරවත්තේ කිත්සිරි ප්‍රනාන්දු (50) මෙසේ ජීවිතක්ෂයට පත්ව සිටිති.
මෙම මරණ පිළිබදව හදිසි මරණ පරීක්ෂණ මස්කෙළිය හදිසි මරණ පරීක්ෂක නරසිංහ පෙරුමාල් මහතා විසින් ඊයේ (11දා) පවත්වන ලද අතර මරණ සියල්ලම හෘදයාබාදයන් නිසා වූ හදිසි මරණ බවට එහිදී නිගමනය කර ඇත.
ශ්‍රී පාදයේ ගිය තිදෙනෙකු ජීවිතක්ෂයට