ශ්රීපාදවන්දනාකරුවන්ට සෞඛ්යාරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් විසින් ඊයේ(28දා) වැටලීමක් දියත්කරන ලදී.
මෙහිදී ආපනශාලා, ආහාර නිෂ්පාදන ආයතන50ක් පමණ පරීක්ෂාවට ලක්කර ඇත. එයින් සෞඛ්යාරක්ෂිත නොවන අයුරින්ආපන ශාලා හා ආහාර නිෂ්පාදන මෙන්ම වෙළෙඳසැල් පවත්වාගෙන යනු ලැබූ ව්‍යාපාරිකයන් 10කට එරෙහිව හැටන් දිසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව වැටලීම මෙහෙය වූ නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකගාමිණී පෙරේරා මහතා පැවසීය.
ඉදිරියේදීත්මෙවැනි වැටලීම් සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.