2015/2016 වසර සඳහා ශ්රී පාද වන්දනා වාරය 2015 උඳුවප් පුන් පොහෝ දිනයෙන් (12/24) ආරම්භ කරන බව ශ්රී පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ පවසා සිටියහ.
මේ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව ශ්රී සුමන සමන් දෙවියන්ගේ දේව ප්රතිමාවන්, දේව ආභරණ ඇතුළු පූජා භාණ්ඩ ශ්රී පාද මළුව දක්වා දෙසැම්බර් 23 දින රාජ්ය අනුග්රහය ඇතිව රත්නපුර රජ මාවත ඔස්සේත්, හැටන් නල්ලතන්නිය මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් පෙරහරවල් තුනකින් වැඩම කරවන බව ශ්රීපාදස්ථානාධිපති හිමියෝ සඳහන් කළහ.
සමන් දේව ප්රතිමාව ඇතුළු දේව ආභරණ උඳුවප් පොහෝ දින උදෑසන 7.00 ට ශ්රීපාද මළුවේ තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්රීපාද වන්දනාවාරය ආරම්භ කරන බව එ හිමියෝ පවසා සිටියහ.
රංජිත් රාජපක්ෂ /කලවාන පියසේන / සෙල්ලහේවා