රටට ශක්තිමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ඉදිරි මැතිවරණ පරාජය වුවද කනගාටුවක් නොමැති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (08දා) රැස් වූ ව්‍යවස්ථා සභාවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
ශ්‍රීලංකාවේ ජීවත් වන සියලුම ජාතීන් ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කිරීමෙන් රටේ ඉදිරි ගමන ශක්තිමත් වන බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.