සයිටම් ආයතනය අහෝසි කරන බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව දිගින් දිගටම කඩවීම නිසා වෛද්‍ය ශිෂ්‍යයන් මේ මස 21 වන දින සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිතරවීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා ලබාදුන් පොරොන්දු වහාම ඉටුකරන ලෙසට වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින වනවිට සයිටම් ආයතනය අහෝසි කරන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සිදුකළ මාරාන්තික උපවාසය මුල්කර ගනිමින් ආණ්ඩුව පොරොන්දු වූ බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
සයිටම් ආයතනය අහෝසි කරන බවට පොරොන්දු ලබාදුන් දිනය පසු වී දින 50කට අධික කාලයක් මේ වනවිට ගත වී තිබුණත් මෙතෙක් එම පොරොන්දුව ඉටුකර නොමැති බවද සඳහන් කළේය.