සයිටම් අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දුව මත මාස 10කට පසු වෛද්‍ය ශිෂ්‍යයන් අද (20දා) සිට අධ්‍යයන කටයුතු සඳහා සහභාගි වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
අදාළ පොරොන්දුව කඩකළහොත් ඒ මොහොතේම අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී මෙතෙක් සිදුකළ අරගලවලට එහාගිය අරගල ව්‍යාපාරයක් පවත්වන බව එම කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව වෛද්‍ය ශිෂ්‍ය‘යන්ට මාස 50කට අදාළ මහපොළ ශිෂ්‍යාධාර ලැබිය යුතු බවත්, පන්ති වර්ජනය කළ කාලයට මහපොළ කපා දමන බවට බලධාරීන් සඳහන් කරන බවත් ඔහු කියා සිටියේය.
එහෙත් මහපොළ වාරික 50 එලෙසම ලබාදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.