වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයන්ට ලබාදෙන මහපොළ වාරික 50ක ප්‍රමාණය 40ක් දක්වා අඩු කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ අනුව 2017 වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා වූ මහපොළ වාරික සියල්ලම ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා තීරණය කර ඇත.
මීට අමතරව දෙසැම්බර් මාසයේ සිට සාමාන්‍ය පරිදි මහපොළ ශිෂ්‍යාධාර ලබාදීමටත් තීරණය කර තිබේ.
මහපොළ වාරික 10ක් අහිමි කිරීමට මීට පෙර තීරණය කර තිබුණේ අදාළ කාලය තුළදී වෛද්‍ය ශිෂ්‍යයන් සිදුකළ පන්ති වර්ජනය සැලකිල්ලට ගනිමිනි.