සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට රජයේ විශ්වවිද්‍යාල තුළ වෛද්‍ය පීඨයන්හි සියලුම පීඨාධිපතිවරුන් 2011 වර්ෂයේදී අනුමැතිය ලබාදුන් බවත්, ඒ අනුව සයිටම් වෛද්‍යවිද්‍යාලය ආරම්භ කළ බවත් එම පීඨාධිපතිවරුන් මේ වනවිටත් පීඨාධිපතිවරුන් ලෙස කටයුතු කරන බවද සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීමේ අමත්‍ය එස්.බී. දිසානායනක මහතා පැවසීය.
සයිටම් සිසුන්ට සායනික පුහුණුව නොමැති බවට ඇතැම් පිරිස් චෝදනා කළද ඔවුන්ට සායනික පුහුණුව ලැබීමට බාධා කළේ එම පිරිස්ම බවද අමාත්‍යවරයා සඳහන් කළේය. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී ලෙස කටයුතු කරන වෛද්‍ය ටෙරන්ස් සිල්වා මහතා සයිටම් විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර, සිසුන්ගේ අප්‍රසාදය මත ඔහු එයින් ඉවත් කළ බවද හෙතෙම පැවසීය.
එමෙන්ම ටෙරනස් සිල්වා මහතාගේ දියණිය සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිවුවැනි කාණ්ඩය යටතේ ඇතුළත් කිරීමට සූදානම්ව සිටින අතර, එහිදී මතුවූ ප්රශ්නකාරී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස සයිටම් විද්‍යාලයට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදීමට බාධා කරමින් සිටින බවද දිසානායක මහතා සඳහන් කළේ අද (08දා) කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමිනි.