වෛද්‍ය සභාව පිළිනොගත් මාලඹේ සයිටම් වැනි ආයතනයකින් වෛද්‍යවරු බිහිකරන ලොකයේ පළමු හා එකම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය පවසයි.
වෛද්‍යවරුන් පුහුණු කිරීමේදී හා සේවය සැලසීමේදී ඒ හරහා රෝගීන්ගේ ජීවිතවල සුරක්ෂිත බව තහවුරු කිරීම රජයකට පැවරෙන අත්හල නොහැකි වගකීමක් හේතුවෙන් එය ඉටුකිරීමට ලොකයේ සෑම රටකම ස්වාධීන ආයතනයක් පිහිටුවීම සිදුකරන බව එම ලිපියෙන් දන්වා තිබේ.
නමුත් මාලඹේ ආයතනය වෛද්‍යවරුන් පුහුණු කිරීම හා සේවයට යොමුකිරීම එවන් විධිමත් ක්‍රමයට පිටුපා යමින් කටයුතු කරන හෙයින් ඇතිවී ඇති ගැටලුව නිරාකරණය කර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත්, ඔවුන්ගේ දෙමවුපියන්ටත්, රෝගී ජනතාවගේ ජීවිතවල සුරක්ෂිත බව තහවුරු කිරීමටත් පියවර ගන්නා ලෙස දන්වමින් අදාළ ලිපිය යොමුකර තිබේ.