වෛද්‍ය සිසුන්ට පහර දීමට විරෝධය පා වෛද්‍ය නිලධාරීහු අද (3දා) පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක සංකේත වැඩවර්ජනයක නිරත වෙති.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පා ඊයේ(02දා) පැවැති වෛද්‍ය සිසු උද්ඝෝෂණයට එල්ලකළ පොලිස් ප්‍රහාරයට විරෝධය පෑමක් ලෙසට අද සංකේත වර්ජනයක නිරතවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශකර සිටියේය.
මීට අමතරව ලංකා ගුරු සංගමයද මෙම ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත්කර තිබේ.