ජාතික අන්තරායකාරී ඖෂධ මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමිර නිලංග සමරසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද (26දා) උදෑසන පැවති එක්සත් ජාතික පක්ෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් මතුකළ ගැටළුව, රාජපක්ෂ මහතා විසින් වහාම ජනාධිපතිතුමන්ගේ අවධානයට යොමු කරන ලදී.
ඒ අනුව ලබන සඳුදා සිට වෛද්‍ය චමිර නිලංග සමරසිංහ මහතාට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දීමට ජනාධිපතිතුමන් පියවර ගෙන ඇති බව විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමන් පැවසීය.
මත්කුඩු ජාවාරමට සම්බන්ධ දේශපාලඥයින් අනාවරණය කර ගැනීම හේතුවෙන් ඔහුට මරණීය තර්ජන එල්ල වී තිබෙන බවට පසුගිය කාලසීමාවේදි මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.