සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට වෛද්‍ය පීඨ 08 ආචාර්ය සමිතිවල නියෝජිතයන් හෙට (09 දා) රැස්වන බව ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ලේකම් ආචාර්ය සජිත් එදිරිමාන්න මහතා සඳහන් කළේය.
වෛද්‍ය පීඨ අධ්‍යාපන කටයුතුවලින් ශිෂ්‍යයන් ඉවත් වුණද අද (08දා) දිනය තුළ රාජකාරියට වාර්තා කරන බව හෙතෙම පවසා සිටියේය.
එහෙත් ඉදිරියට රාජකාරියට වාර්තා කරනවාද යන්න සහ සයිටම් ගැටලුවට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට හෙටආචාර්ය සංගම් නියෝජිතයන් සහභාගි වන බවද ඒ මහතා සඳහන් කළේය.