වෙසක් වලට විශේෂ දුම්රිය රැසක්
වෙසක් පොහොය නිමිත්තෙන් බැතිමතුන්ගේ ගමන් පහසුව උදෙසා ශ්රී ලංකා දුම්රිය සේවය විසින් විශේෂ දුම්රියන් කිහිපයක් එක්කර තිබේ. ඒ අනුව දුම්රිය කාලසටහන පහත පරිදිය.
............කාලසටහන............
2016 -05-18 සිට 2016-05-24 දින දක්වා පමණක් කොළඹ කොටුව මාතර හා මාතර කොළඹ කොටුව අතර ධාවනය වන ශීඝ්රගාමී දුම්රියන් සඳහා සහ මාතර වව්නියාව / වව්නියාව මාතර අතර ධාවනය වන රජරට රැජින ශීඝ්රගාමී දුම්රියට අමතර තෙවන පන්තියේ මැදිරිය බැගින් එක්කර ඇත.
2016-05-20 දින සිට 2016-05-22 දින දක්වා කොළඹ කොටුව/වව්නියාව/ කොළඹ කොටුව අතර ධාවනය වන නගරාන්තර ශීඝ්රගාමී දුම්රියට අමතර දෙවන පන්තියේ මැදිරියක් එක්කර ඇති අතර, ගල්කිස්ස/කන්කසන්තුරෙයි/ගල්කිස්ස අතර ධාවනය වන යාල්දේවී ශීඝ්රගාමී දුම්රිය අමතර තෙවන පන්තියේ මැදිරිය බැගින් එක්කර ඇත.
2016-05-21 දින කොළඹ කොටුව සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වන උත්තර දේවී නගරාන්තර සීඝ්රගාමී දුම්රිය හා 2016-05-22 දින කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන උත්තරදේවී නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය එස් 11 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල සහිතව ධාවනය වේ.
2016 -05-20 සහ 2016-05-22 යන දිනයන්වල පමණක් ප්රධාන මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වන සියලු නගරාන්තර හා ශීඝ්රගාමී දුම්රියන් කැලණිය දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබේ.
2016-05-21 සහ 2016-05-22 යන දිනයන්වල පමණක් ප්රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට ධාවනය වන සියලු නගරාන්තර හා ශීඝ්රගාමී දුම්රියන් කැලණිය දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

