වෙසක් උත්සවය නිමිත්තෙන් අද (14දා) සහ හෙට (15දා) දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට කටයුතු කරනු ඇත.
සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත් සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට හා සුපිරි වෙළෙඳ සැල්වල මස් මාංශ අලෙවිය නැවැත්වීමටත් මේ දෙදින කටයුතු කරයි.
අද (14දා) සහ හෙට (15දා) වෙසක් දින වශයෙන් ප්රකාශයට පත් කර ඇති අතර ලබන 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාල සීමාව වෙසක් සතිය ලෙස රජය මගින් ප්රකාශට පත් කර තිබේ.
මෙවර වෙසක් සතියේ තේමාව වන්නේ 'සුචරිතව ධර්මයෙහි හැසිරෙනු' යන්නයි.