වෙලේ සුදාට එරෙහි චෝදනා කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය ඊයේ (08දා) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට දැනුම් දුන්නාය.
හෙරොයින් ග්‍රෑම් 07.05 ක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහි නඩුවේ දින දෙකක් පුරා පැවැති පැමිණිල්ලේ දේශනය අවසන් කරමින් සුහර්ෂි හේරත් මහත්මිය එසේ කීවාය.
පැමිණිල්ලේ දේශනය අවසන් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා විත්තිකරු වෙනුවෙන් නීතීඥ දේශනය ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විත්තියේ නීතීඥවරුන්ට නියම කළේය.
2008 දෙසැම්බර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනක ගල්කිස්සේදී හෙරොයින් ග්‍රෑම් 07.05 ක් ළඟ තබාගෙන ජාවාරම් කරන ලදැයි ගම්පොළ විතානගේ සමන්ත කුමර හෙවත් වෙලේ සුදාට එරෙහිව නීතීඥවරයා මෙම නඩුව පවරා ඇත.
මෙහි සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය විසින් පැමිණිල්ලේ දේශනය ඉදිරිපත් කරන ලදී.
විත්තිකරුට එරෙහි චෝදනා තමන් විසින් කිසිදු සැකයක් නොමැතිව ඔප්පුකොට ඇති බවත්, විත්තිකරු විසින් චේතනාන්විතවම මෙම අපරාධය සිදු කළ බව සම්බන්ධයෙන් කිසිදු සැකයක් මතු වී නැති බවත් පෙන්වා දුන් සුහර්ෂි හේරත් මහත්මිය මෙම චෝදනාවට විත්තිකරු විරදකරු කිරීම සඳහා චෝදනාවලටත් වඩා සාක්ෂි තමන් විසින් ඉදිරිපත් කොට ඇති බවද පෙන්වා දුන්නාය.
දින දෙකක් පුරා පැවැති දීර්ඝ දේශනයකින් අනතුරුව පැමිණිල්ලේ දේශනය අවසන් කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ අමිල පල්ලියගේ මහතා සමග නීතීඥ සුරංග බණ්ඩාර මහතා පෙනී සිටියේය.