මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් මරණ දඩුවම් නියම වී ඇති වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර යන අයගේ මවද හෙරොයින් ළග තබාගැනිමේ චෝදනා යටතේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව තිබේ.
මත්කුඩු ග්‍රෑම් 10ක් ළග තබාගැනීමේ චෝදනා යටතේ සැකකාරිය වැල්ල වත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඇය 60 වැනි වියේ පසුවන්නීය. එසේම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 28ක් වන තවත් තරුණයෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සැකකාරියගේ ඥාති පුතෙක් බවද පැවැසෙයි.
ඊයේ (06දා) රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.