අත්අඩංගුවට ගෙන සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු පිළිබඳව සහ දේශපාලඥයන් කිහිපදෙනෙකු පිළිබඳව තොරතුරු හෙළිකර තිබෙන බව 'අද'ට වාර්තා වේ.
2012 වසරේ සිට ශ්‍රී ලංකාවෙන් පළාගොස් විදේශ රටවල සිට මෙරටට හෙරොයින් එවීමේ ජාවාරමේ නිරතවූ සමන්ත කුමාර පසුගියදා පාකිස්තානයේදී අත්අඩංගුවට ගනු ලැබිණ.
අත්අඩංගුවට ගත් සමන්ත කුමාර නැමැත්තා මේ වනවිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙන අතර,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඔහු රැඳවුම් නියෝග මත රඳවා තබාගනිමින් ප්‍රශ්න කරමින් සිටියි.
මෙම ප්‍රශ්න කිරීම්වලට අනුව ඔහු විදේශගතව සිටිමින් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමට මේ රටේ සිට සහයෝගය දැක්වූ පිරිස් පිළිබඳව තොරතුරු හෙළිවෙමින් තිබෙන අතර, එම තොරතුරුවලට අනුව පොලිස් නිලධාරීන් සහ දේශපාලඥයන් කිහිපදෙනෙකු ඇතුළත්ව තිබෙන බවද වාර්තාවේ.