හෙරොයින් මිලි ග්රෑම් 6.7 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහා පරිමාණ කුඩු ජාවාරම්කරු ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
විත්තිකරුට එරෙහි පැමිණිල්ලේ සාක්ෂි පරස්පර වීම හා අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව පවසමින් විත්තිකරු අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.
කෙසේ වෙතත් වෙනත් හොරොයින් ජාවාරම් නඩුවකට අදාළව වෙලේ සුදාට මේ වන විට මරණීය දණ්ඩනය නියම වී ඇත.