ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා ක්‍රිකට් තරග සඳහා ප්‍රවේශපත්‍ර විකුණන්නේ නිශ්චිත ස්ථාන කිහිපයකදී පමණක් බවත්, විවිධ වෙබ් අඩවිවලින් හෝ වෙනත් ස්ථානවලින් ප්‍ර වේශ පත්‍ර අලෙවි නොකරණ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයකින් සඳහන් කරයි.
මේඩ්ලන්ඩ් පෙදෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඒ ඒ ක්‍රිකට් ක්‍රීඩාංගණවල පවතින ප්‍රවේශපත්‍ර කවුළු හා ඩයලොග් සේවා මධ්‍යස්ථාන වලින් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය සඳහන් කරයි.
මෙම ස්ථාන වලට අමතරව ප්‍රවේශපත්‍ර මිලදී ගතහොත් ඇතැම්විට එය ක්‍රීඩා පිටියට ඇතුල්වීම පවා වැලැක්වීමට හේතුවක් විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියයි.