වෙබ් අඩවිවල අසත්‍ය කරුණු හා අසභ්‍ය වචන ඇතුළත් ප්රවෘත්ති හා ලිපි පළ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නැයි තමන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක කියා සිටි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
කිහිප දෙනෙකුට දඬුවම් කළහොත් ශිෂ්ට සම්පන්න මාධ්‍ය සංස්කෘතියක් ඇතිකළ හැකි බවද ඇමතිවරයා සඳහන් කළේය. වෙබ් අඩවිවල පළවන අසභ්‍ය වචන දැක කුඩා දරුවන් ඒ ගැන විමසන විට වැඩිහිටියන් අපහසුතාවට පත්වන බවද ඔහු කීය.