ගණිකා මඩමක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් 30000ක අල්ලසක් ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අත්අඩංගුවට පත්වූ වෙන්නප්පු සහකාර පොලිස් අධිකාරීවරයාගේ සේවය අත්හිටුවීමට පොලීසිය කටයුතු කර තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව ඊයේ (27දා) සිට බලපැවැත්වෙන පරිදි මෙසේ සේවය අත්හිටුවා ඇත. ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතියද ලැබී ඇත.