ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි සිදු කළ දෙබිඩි දරුවන්වෙන් කිරිමේ විස්මිත සැත්කමින් වෙන් කරණු ලැබු තිවංකි දැරිය ඊයේ (10දා) තම නිවස බලා ගියාය.
තිවංකි දැරිය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර මේ වන විට එම දැරියට මව් කරි පමණක් ලබා දෙන බවත් දැරියගේ බරවැඩි වි ඇති බවත් ළමා රෝග පිළිබඳ විශේෂ්‍ය ශල්‍ය වෛද්‍ය කපිලානි විතානාරච්චි මහත්මිය පැවැසුවාය.
කෙසේ වුවද ඉදිරියේ දි සිදුකිරිමට නියමිත සැත්කම් සදහා දැරිය යළි රෝහලට ඇතුළත් කළයුතුව ඇති බවද වෛද්‍යවරිය සදහන් කළාය.
මාර්තු මස 11 වැනි දින . අක්මිමන චින මිත්‍රත්ව ගම්මානයේ පදිංචි ආශා දමයන්ති ගාල්ල මහමෝදර මාතෘ රෝහලේ දි මෙම දෙබිඩි දරුවන් ප්‍රසුත කළාය. මින් එක්දැරියක් පරපෝෂිතයෙක් වූ අතර සැත්කමින් ඇය මියගියාය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්