ඌව පළාත් සභා මැතිවරණයේදී වෙනසක් පිළිබඳව සුබ ලකුණු පෙනෙන්නට තිබෙන බවත්, මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුබැස්ම අනිවාර්ය බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම මැතිවරණය සඳහා රාජ්ය බලය උපරිම ලෙස යොදාගනිමින් බරපතළ ලෙස නීතිරීති උල්ලංඝනය කරන බවද හෙතෙම පෙන්වාදෙයි. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළමැතිවරණය වෙනුවෙන් කළයුතු තවත් තීරණාත්මක කාර්යභාරයක් පවතින බවත්, ඌවේ රාජකාරියේ නිරතවන සියලු පොලිස් හා හමුදා නිලධාරීන් නිවැරදිව සිය වගකීම් ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කරු ජයසූරිය මහතා පවසයි.